ප්‍රථම වර්ෂයේදී විෂයයන් ලියාපදිංචි විමට පෙර පීඨ විවරණිකාව (Prospectus) ඉතාමත් හොදින් පරිශීලනය කළයුතුය. විශේෂ ප්‍රවේශ යටතේ සුදුසුකම් ලබා ඇති සිසුන් එම විෂයන්ද ඇතුළත්ව නියමිත පරිදි සඳහා අනිවාර්යෙන් ලියාපදිංචි විය යුතුය. තෝරා ගැනිමේ පරික්ෂණ පවත්වා බඳවා ගන්නා විෂයයන් සඳහා ලියාපදිංචි විමට එම පරික්ෂණ සමත් විම අනිවාර්ය වේ.
පීඨ විවරණිකාවේ සඳහන් පළමු වසරේ දි අනිවාර්යෙන් හැදෑරිය යුතු අනිවාර්ය පොදු විෂයයන් සඳහා ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය වේ.
සෑම වර්ෂයකම විෂයයන් සඳහා ලියාපදිංචි වියයුතු කාලය පීඨ වෙබ් අඩවියේ හෝ විද්‍යුත් ඉගෙනුම් පද්ධතියේ නිවේදනය කෙරෙනු ඇතග එවිට පීඨ විවරණිකාවේ සඳහන් පරිදි එක් එක් උපාධි පාඨමාලාවේ උපාධි සැලසුම අනුව නියමිත විෂයන් සඳහා ලියාපදිංචි විය යුතුය.
ගෞරව උපාධිය සඳහා උපාධි අපේක්ෂකයන් ඇතුළත් කර ගැනීමේ දි පීඨයේ පොදු නිර්ණායක සහ අධ්‍යයනාංශ මගින් පනවනු ලබන විශේෂ අවශ්‍යතා සපුරාලිය යුතුවේග ශාස්ත්‍රවේදි උපාධිය හදාරන උපාධි අපේක්ෂකයන් ගෞරව උපාධියට ලියාපදිංචිවීමට පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය.
ගෞරව උපාධිය සඳහා තෝරාගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව තීරණය කිරීම ඒ ඒ අධ්‍යයනාංශයේ පවතින සම්පත් ප්‍රමාණය මත පදනම් වේ. ගෞරව උපාධි සඳහා තෝරාගත් ශිෂ්‍යයන්ගේ නාමලේඛණ පීඨ වෙබ් අඩවියේ පළ කරනු ලැබේ.
ශාස්ත්‍රවේදි උපාධිය හදාරන උපාධි අපේක්ෂකයන් සිමිත පිරිසකට තෙවන වසර අවසානයේ දි ගෞරව උපාධියට ලියාපදිංචිවීමට අවස්ථාව ඇතග මේ සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය.
ගෞරව උපාධියක් හැදෑරීමට තෝරා ගත හොත් ඒ සඳහා සපුරාලිය යුතු යැයි අධ්‍යයනාංශය විසින් නිර්දේශ කරනු ලබන සියලුම පාඨමාලා ඒකක වලට (පසුගිය අර්ධ වාර්ෂිකවලට අදාළ ඒකකයන් ද ඇතුළත්ව) අදාළ දේශන සඳහා සහභාගීවීම 80% සහිතව විභාගයට පෙනී සිටීමට එකග විය යුතුය. කෙසේ වෙතත් ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවකින් ගෞරව උපාධි පාඨමාලාවකට උපාධි අපේක්ෂකයන් ලියාපදිංචි කරගැනීම හෝ නොගැනීම පිළිබඳ අවසන් තීරණය ඒ ඒ අධ්‍යයනාංශය සතුවන අතර ගෞරව උපාධිය සඳහා තෝරාගනු ලබන උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව තීරණය කිරීම ද ඒ ඒ අධ්‍යයනාංශයේ පවතින සම්පත් ප්‍රමාණය මත පදනම් වේ.
නියමිත කාලයේදි පීඨ වෙබ් අඩවියේ (www.fhss.sjp.ac.lk) පලකරනු ලබන දැන්වීම අනුව අයදුම් කළ යුතුවේ.
තෝරාගත් ශිෂ්‍යයන්ගේ නාමලේඛණ පීඨ වෙබ් අඩවියේ පළ කරනු ලැබේ.