This post is also available in: English

අ.පො.ස උ/පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ ඔබ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත‍්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ උපාධි අපේක්ෂකයකු/අපේක්ෂිකාවක ලෙස තේරී පත්වීම පිළිබඳව මම බෙහෙවින් සතුටට පත් වෙමි.

නවක ඔබ විශ්වවිද්‍යාලයට ලියාපදිංචි කිරීම සහ විශ්වවිද්‍යාලය හඳුන්වාදීමේ නම්නීකරණ වැඩසටහන 2020 මාර්තු 13, 14 සහ 15 යන දිනයන්හි විශ්වවිද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්වේ. මේ සඳහා සියලූම නවක සිසුන් සහභාගීවීම අනිවාර්ය වන අතර සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2020 මාර්තු 13 වන දින පෙ.ව. 8.00 වන විට විශ්වවිද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාව වෙත පැමිණ සිටිය යුතුය. විශ්වවිද්‍යාලයට පැමිණෙන විට සුදුසු ඇඳුමකින් සැරසී පැමිණීම ඉතා වැදගත් වේ.

2020 මාර්තු 21 වන දින පැවැත්වීමට නියමිත විශේෂ ශාරීරික අධ්‍යයන වැඩසටහනට සුදුසු ක‍්‍රීඩා ඇ`දුමක් රැුගෙන ඒම වැදගත් වන අතර 2020 මාර්තු 16 වන දින සිට අධ්‍යයන වර්ෂය ආරම්භ කෙරෙන බැවින් එදින සිට අඛණ්ඩව රැුඳී සිටීම සඳහා අවශ්‍ය සියලූ දෑ සිසුන් විසින් රැුගෙන ආ යුතු බව කාරුණිකව දන්වා සිටිමි.

පීඨයේ පාඨමාලා පිළිබඳ සියලූ විස්තර ඇතුළත් පීඨ ශිෂ්‍ය විවරණිකාවේ මෘදු පිටපත මානවශාස්ත‍්‍ර හා සමාජීයවිද්‍යා පීඨ යෙිිගිවචග්ජගකන යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි අතර විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර එය හොඳින් කියවා අවබෝධ කර ගෙන සිටීම විෂයයන් තෝරා ගැනීම ඇතුලූ ඉදිරි අධ්‍යයන කටයුතුවල දී ඔබට වඩාත් පහසු වනු ඇත. එහි මුද්‍රිත පිටපතක් විශ්වවිද්‍යාලයට පැමිණීමෙන් පසු ව ග‍්‍රන්ථයක් ලෙස ඔබට ලබා දෙනු ලැබේ.

සාමාන්‍ය ප්‍රවේශය යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයට තේරී පත්වූ සිසුන්ට මෙන්ම විශේෂ ප්‍රවේශය යටතේ තේරී පත්වූ සිසුන්ටද මෙම නම්නිකරණ වැඩසටහනට සහභාගිවිමේ හැකියාව තිබෙන අතර ඔවුන්ගේද සහභාගිත්වය වැදගත් වේ. 

ඔබගේ විශ්වවිද්‍යාල ජීවිතය සර්වප‍්‍රකාරයෙන් ම සාර්ථක වේවායි ප‍්‍රාර්ථනය කරමි.

මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද
පීඨාධිපති
මානවශාස්ත‍්‍ර හා සමාජීයවිද්‍යා පීඨය

බාගත කරගත හැකි ලේඛන

පළමු අර්ධවාර්ෂික කාල සටහන>> 

නම්නිකරණ වැඩසටහන>> 

උපාධි අපේක්ෂක විවරණිකාව 2020>>