“සෞන්දර්ය හා කලාශිල්ප” සඟරාව දොරටවැඩුම

“සෞන්දර්ය හා කලාශිල්ප” සඟරාවේ දෙවන කලාපය දොරටවැඩුම ජනවාරි මස 11 දින සුමංගල කියැවීම් ශාලාවේදී පැවැත්වුනි. ආචාර්ය ඩි. පි. එස්. චන්ද්‍රකුමාර, පීඨාධිපතිතුමා, මානව ශස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය, ආචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, අංශාධිපති, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, මහාචාර්ය සුනේත්‍රා තෙන්නකෝන්, අංශාධිපති, භූගෝල විද්‍යා අධ්‍යයනාංශය සහ  පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ආචාර්යවරුන් ඇතුළු විද්වතුන් රැසක් මෙම උත්සවයට සහභාගී විය.

මෙම සඟරාව ප්‍රකාශනය කිරීමේ කටයුතු සංවිධානය “බුදු සමය, සෞන්දර්ය හා කලා ශිලප විෂය ඒකකය (BUCI-3120) හදාරන ලද සිසුන් විසින්  සිදු කළ අතර මෙහි එන සියලු ලිපි සැපයූවෝද මෙම විද්‍යාර්තින් වෙති. මෙම විෂය ඒකකය භාරව කටයුතු කරන ආචාර්ය එන්. මෙන්ඩිස් මහතාගේ මගපෙන්වීමෙන් මෙම විද්‍යාර්ථින් විසින්  විවිධ ප්‍රදේශයන්හි ක්ෂේත්‍ර පර්යේෂණයන්හි නියැලෙමින් ඒකරාශී කරගත් දත්ත ඔස්සේ මෙම ලිපි සියල්ල  සම්පාදනය කර තිබේ.

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022