දිසි විදැසි නිර්මාණ සංග‍්‍රහය 2020

ගෙවුණු අනපේක්ෂිත වාතාවරණය හමුවේ මානවශාස්ත‍්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ සිසු සිසුවියන්ගේ නිර්මාණාත්මක කුශලතා ඔප් නැංවීමේ අරමුණ පෙරදැරිව අපි ” දිසි විදැසි” ආරම්භ කළෙමු. එම නිර්මාණ කාර්යය 2020 අපේ‍්‍රල් 03 වැනිදායින් ආරම්භ වී මැයි 31 වැනිදායින් අවසන් විය. මෙහි අන්තර්ගත වන්නේ “දිසි විදැසි” යටතේ පීඨ වෙබ් පිටුවේ සහ මුහුණු පොතේ පළ වූ නිර්මාණ සංග‍්‍රහය යි.

මෙහි අන්තර්ගත වූ සියලූ නිර්මාණ කවීත්වයෙන් හා ප‍්‍රතිභාවෙන් අනූන ඒවා යැයි අපි නො කියමු. ඇතැම් නිර්මාණ සැබවින්ම වෙසෙස් කවිතාවෙන් යුතු බව පැවසිය යුතු ය. එහෙත් මෙහිලා අපගේ වෑයම වූයේ කොවිඩ් – 19 හෙවත් කොරෝනා වසංගත සමයේ බිඳ වැටුණු අප සිසුන්ගේ මනස නිර්මාණ කාර්යයක් සඳහා යොමු කරවීම ය. එහි දී අපගේ අපේක්ෂාව වූයේ පැවති වසංගත සමය හා බැඳුණු නිර්මාණ එළි දැක්වීම යි. එ පරිද්දෙන් ම විවිධ විෂයයන් හදාරන අප දරු දැරියෝ ඔවුන් ඇසු, දුටු, දැනුණු දේ කවියට නගා අප වෙත එවූහ. ඡායාරූපයට නැගූහ. අපි ඔවුන් ලියූ එකදු වචනයක් හෝ වෙනස් කිරීමට උත්සාහ නො කළෙමු. දිසි විදැසි ලෙස මෙසේ පළවන්නේ ඔවුන් ලියූ දෑ පමණි. මේ කවි තුළින් අංකුර කවීන්ගේ ඡායාමාත‍්‍ර ඔබට හමුවනු ඇත. ඇතැම් කවියක, කාව්‍ය ලක්ෂණ නොදැක, මේවා සරසවි සිසුන්ගේ කවිදැයි ප‍්‍රශ්න කිරීමට ඔබ පෙළෙඹනු ඇත. එහෙත් මේ වනාහි අප රට පමණක් නො ව මුළු ලොව ම වසා පැතිරුණු තවමත් සම්පූර්ණයෙන් ම පහ ව නො ගිය අඳුරු කාල පරිච්ඡේදයක සංක්ෂිප්ත සටහනකි. මෙහිලා දැකිය හැකි වන්නේ ඔවුන් පෙළුෑ භීතිය යි; සංත‍්‍රාසයයි; වේදනාවයි; තනිකමයි.

සංස්කාරක,
දිසි විදැසි නිර්මාණ සංග‍්‍රහය 2020
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ

දිසි විදැසි නිර්මාණ සංග‍්‍රහය 2020>>

News & Updates

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අභිනව අධ්‍යක්ෂක ජනරාල් ධුරයෙන් පිදුම් ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය රවීන්ද්‍ර විතානාච්චි මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්
May 29, 2023
උපාධි පාඨමාලා හදාරන ලද සිසුන්ගේ අවසන්‌ උපාධි ප්‍රතිඵල – අතිරේක ලේඛනය
May 26, 2023
අපරාධ මනෝවිද්‍යාව හා වරදකරුවන් උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
May 23, 2023
රත්මලාන අන්ධ විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පවත්වන ලද සම්මන්ත්‍රණ මාලාව
May 19, 2023
විභාගයට පෙනී නොසිටීම සම්බන්ධ අභියාචනා ප​ත්‍ර
May 18, 2023