This post is also available in: English

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ශිෂ්‍ය සුබසාධන හා උපදේශන මධ්‍යස්ථානය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවක කළ දැනට විශ්‍රාමික ඇතුල්කොට්ටේ පදිංචි කෞෂල්‍යා ජයසිංහ මහත්මිය විසින් ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කරන ලදී. එම ලැප්ටොප් පරිගණකය අප පීඨයේ ඉගෙනුම ලබන හෂිණි මදුශානි ශිෂ්‍යාව වෙත ජයසිංහ මහත්මියගේ ඥාති දියණියක වන මදුවන්ති වලිසුන්දර මහත්මිය විසින් පරිත්‍යාග කළ අවස්ථාව. මේ සඳහා ශිෂ්‍ය සුබසාධන හා උපදේශන මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය සුනිල් රාජනෙත්ති මහතා සහ ශිෂ්‍ය මනෝ උපදේශක සචිනි මදුශානි මහත්මිය ද සහභාගී විය.