විභාග අක‍්‍රමිකතාවයදඬුවම්
2.1 අනවසර ලිපි ලේඛන තමා සන්තකයෙහි තබා ගැනීම.අවසාන විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම අධ්‍යයන වර්ෂයකින් ප‍්‍රමාද කිරීම. උපාධි ප‍්‍රදානෝත්සවයට /සමර්පණෝත්සවයට නොකැඳවීම. අදාළ  විෂය  ඒකකයෙහි  ප‍්‍රතිඵල අවලංගු කිරීම හා ඒ සඳහා නැවත පෙනී සිටීමේ දී ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය සාමර්ථ්‍යයක් සඳහා වන  අවම ලකුණු සංඛ්‍යාවට සීමා කිරීම. (3.2, 3.3 සහ 3.4)
2.2 අවසරයකින් තොරව ජංගම දුරකථන ඇතුළු දත්ත ගබඩා කර ඇති හෝ තොරතුරු ලබා ගත හැකි උපකරණ තමා සන්තකයෙහි තබා ගැනීම.අවසාන විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම අධ්‍යයන වර්ෂයකින් ප‍්‍රමාද කිරීම. උපාධි ප‍්‍රදානෝත්සවයට/සමර්පණෝත්සවයට නොකැඳවීම. අදාළ  විෂය  ඒකකයෙහි  ප‍්‍රතිඵල අවලංගු කිරීම හා ඒ සඳහා නැවත පෙනී සිටීමේ දී ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය සාමර්ථ්‍යයක් සඳහා වන  අවම ලකුණු සංඛ්‍යාවට සීමා කිරීම. (3.2, 3.3 සහ 3.4)
2.3 විභාග ලිපි ද්‍රව්‍ය විභාග ශාලාවෙන් පිටතට ගෙනයාම.විභාග අපේක්ෂකයාගේ පිළිතුරු පත‍්‍රය අවලංගු කිරීම සහ අදාළ ප‍්‍රශ්න පත‍්‍රයට නැවත පෙනී සිටීමේ දී ලබා ගත හැකි  උපරිම ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය සාමාර්ථයක් සඳහා වන වම ලකුණු සංඛ්‍යාවට සීමා කිරීම.(3.1)
2.4 කිනම් අයුරකින් හෝ කොපි කිරීම හෝ ඒ සඳහා තැත් කිරීම.අවසාන විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම අධ්‍යයන වර්ෂයකින් ප‍්‍රමාද කිරීම. උපාධි ප‍්‍රදානෝත්සවයට / සමර්පණෝත්සවයට නොකැඳවීම. අදාළ  විෂය  ඒකකයෙහි  ප‍්‍රතිඵල අවලංගු කිරීම හා ඒ සඳහා නැවත පෙනී සිටීමේ දී ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය සාමර්ථ්‍යයක් සඳහා වන  අවම ලකුණු සංඛ්‍යාවට සීමා කිරීම. (3.2, 3.3 සහ 3.4)
2.5 විශ්වවිද්‍යාලයට අයත්, අතීතයේදී පිටතට ගෙන යන ලද විභාග ලිපි ද්‍රව්‍ය විභාග ශාලාවේ දී භාවිත කිරීම හෝ තමා සන්තකයෙහි තබා ගැනීම.අවසාන විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම, අධ්‍යයන වර්ෂයකින් ප‍්‍රමාද කිරීම,  උපාධි ප‍්‍රදානෝත්සවයට/සමර්පණෝත්සවයට නොකැඳවීම, අදාළ විෂය ඒකකයෙහි ප‍්‍රතිඵල  අවලංගු කිරීම හා ඒ සඳහා නැවත පෙනී සිටීමේ දී ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය සාමර්ථ්‍යයක් සඳහා වන අවම ලකුණු සංඛ්‍යාවට සීමා කිරීම. (3.2, 3.3 සහ 3.4)
2.6 ශරීරයේ හෝ ඇඳුම් පැළඳුම් ආදියෙහි හෝ කරුණු සටහන් කර ගෙන පැමිණීම.අවසාන විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම අධ්‍යයන වර්ෂයකින් ප‍්‍රමාද කිරීම, උපාධි ප‍්‍රදානෝත්සවයට /සමර්පණෝත්සවයට නොකැඳවීම, අදාළ විෂය ඒකකයෙහි ප‍්‍රතිඵල  අවලංගු කිරීම හා ඒ සඳහා නැවත පෙනී සිටීමේ දී ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය සාමර්ථ්‍යයක් සඳහා වන අවම ලකුණු සංඛ්‍යාවට සීමා කිරීම (3.2, 3.3 සහ 3.4)
2.7 (ස) උද්ධෘතයකින් තොරව අන් අයකුගේ ක්‍ෂේත‍්‍ර වාර්තා පොතකින්, පර්යේෂණ පත‍්‍රිකාවකින් නිබන්ධනයකින්, වෙනත් පොතකින් හෝ අන්තර්ජාලයෙන් කරුණු ඉදිරිපත් කිරීම වැනි බුද්ධිමය දේපළ වංචාවන්(රචනා චෞරය) සිදු කිරීම.පන්ති /සම්මාන සාමර්ථ්‍යයක් ලබා නොදීම. ශිෂ්‍යභාවය වසරකින් අත්හිටුවීම. විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට (ස්ථිර/තාවකාලික* බඳවා නොගැනීම. (3.5, 3.6, සහ 3.11)
2.7 (සස) තම වාර පත‍්‍රිකාව, පැවරුම, පර්යේෂණ පත‍්‍රිකාව, ප‍්‍රායෝගික හෝ ක්ෂේත‍්‍ර පොත හෝ උපාධි නිබන්ධය  සහමුලින්ම  හෝ සැලකියයුතු ප්‍රමාණයකින් හෝ උද්ධෘතයකින් තොරව අන් අයකුගේ ක්ෂේත‍්‍ර වාර්තා පොතකින්, පර්යේෂණ පත‍්‍රිකාවකින් නිබන්ධයකින්, වෙනත් පොතකින් හෝ අන්තර්ජාලයෙන් ලබාගත් කරුණු වලින් සකසා ඉදිරිපත් කිරීම මගින් බුද්ධිමය දේපළ වංචාව (රචනා චෞරය) සිදු කිරීම.ශිෂ්‍යභාවය අහෝසි කිරීම. විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට (ස්ථිර/තාවකාලික)බඳවා නොගැනීම. (3.9 සහ 3.11)
2.8 ප‍්‍රශ්න පත‍්‍රයක හෝ පිළිතුරු පත‍්‍රයක ඇතුළත් දේ අයථා ලෙස දැන ගැනීම හෝ ඒ සඳහා තැත් කිරීම.අවසාන විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම අධ්‍යයන වර්ෂයකින් ප‍්‍රමාද කිරීම, උපාධි ප‍්‍රදානෝත්සවයට /සමර්පණෝත්සවයට නොකැඳවීම, අදාළ  විෂය  ඒකකයෙහි  ප‍්‍රතිඵල අවලංගු කිරීම හා ඒ සඳහා නැවත පෙනී සිටීමේ දී ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය සාමාර්ථ්‍යයක් සඳහා වන අවම ලකුණු සංඛ්‍යාවට සීමා කිරීම, පන්ති / සම්මාන සාමාර්ථ්‍යයක් ලබා නොදීම. විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට (ස්ථිර /තාවකාලික) බදවා නොගැනීම. (3.2, 3.3, 3.4, 3.5 සහ 3.11)
2.9 අවසරයකින් තොරව විභාග ශාලාවට ඇතුළුවීම.අවසාන විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම, අධ්‍යයන වර්ෂයකින් ප‍්‍රමාද කිරීම, උපාධි ප‍්‍රදානෝත්සවයට/සමර්පණෝත්සවයට නොකැඳවීම. (3.2, සහ 3.3)
2.10 අවසරයකින් තොරව විභාග ශාලාවෙන් පිටවීම හෝ ඒ සඳහා තැත් කිරීම.විභාග අපේක්ෂකයාගේ පිළිතුරු පත‍්‍රය අවලංගු කිරීම සහ අදාළ ප‍්‍රශ්න පත‍්‍රයට නැවත පෙනී සිටීමේදී ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය සාමර්ථ්‍යයක් සඳහා වන අවම ලකුණු සංඛ්‍යාවට සීමා කිරීම. (3.1)
2.11 කිසිදු කඩදාසියක් හෝ ලියන පොතක් ඉරීම,පොඩි කිරීම හෝ වෙනත් අයුරකින් විනාශ කර දැමීම හෝ ඒ සඳහා තැත් කිරීම.අවසාන විභාග  ප‍්‍රතිඵල නිකුත් කිරීම, අධ්‍යයන වර්ෂයකින් ප‍්‍රමාද කිරීම,  උපාධි ප‍්‍රදානෝත්සවයට/ සමර්පණෝත්සවයට නොකැඳවීම, අදාළ විෂය ඒකකයෙහි ප‍්‍රතිඵල අවලංගු කිරීම හා ඒ සඳහා නැවත පෙනීසිටීමේ දී ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය සාමර්ථ්‍යයක් සඳහා වන අවම ලකුණු සංඛ්‍යාවට සීමා කිරීම,  පන්ති/සම්මාන සාමර්ථ්‍යයක් ලබා නොදීම, ශිෂ්‍යභාවය වසරකින් අත්හිටුවීම, විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට (ස්ථිර/තාවකාලික) බඳවා නොගැනීම. (3.2, 3.3, 3.4, 3.5, 3.6 සහ 3.11)
2.12 විභාග ශාලාවේ නිශ්ශබ්දතාවයට හා නිසි පරිදි කටයුතු කරගෙන යාමට බාධාවන පරිදි හැසිරීම.විභාග  අපේක්ෂකයාගේ  පිළිතුරු  පත‍්‍රය අවලංගු  කිරීම  සහ  අදාළ  ප‍්‍රශ්න පත‍්‍රයට නැවත පෙනී සිටීමේ දී ලබා ගත හැකි උපරිමලකුණු සංඛ්‍යාව සාමාන්‍ය සාමර්ථයක් සඳහා වන අවම ලකුණු සංඛ්‍යාවට සීමා කිරීම, උපාධි ප‍්‍රදානෝත්සවයට/සමර්පණෝත්සවයට නොකැඳවීම.(3.1 සහ 3.3)
2.13 විභාග ශාලාධිපතිගේ හෝ නිරීක්ෂකවරුන්ගේ හෝ රැු සහ ශාලා සේවකයන්ගේ ආත්ම ගරුත්වයට හානි වන ලෙස හා මානසික ආතතියක් ඇතිවන පරිදි අනිසි අන්දමින් හැසිරීමගඅවසාන විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම අධ්‍යයන වර්ෂයකින් ප‍්‍රමාද කිරීම,  උපාධි ප‍්‍රදානෝත්සවයට /සමර්පණෝත්සවයට නොකැඳවීම, අදාළ  විෂය  ඒකකයෙහි  ප‍්‍රතිඵල අවලංගු කිරීම හා ඒ සඳහා නැවත පෙනී සිටීමේ  දී ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය  සාමර්ථ්‍යයක්  සඳහා  වන අවම ලකුණු සංඛ්‍යාවට සීමා කිරීම, පන්ති/සම්මාන සාමර්ථ්‍යයක් ලබා නොදීම, ශිෂ්‍යභාවය වසර දෙකකින් හෝ තුනකින් අත්හිටුවීම, විශ්වවිද්‍යාලයේ  අධ්‍යයන  හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට (ස්ථිර/තාවකාලික) බඳවා නොගැනීම. (3.2, 3.3, 3.4, 3.5, 3.7 සහ 3.11)
2.14 විභාග ශාලාධිපති, නිරීක්ෂකවරුන්, ශාලා සේවකයින්ට සහ අනෙකුත් විභාග අපේක්ෂකයින්ට මා නසික හෝ ශාරීරික හිංසා කිරීමට සැලසුම් කිරීම, තැත් කිරීම හෝ හිංසා කිරීම.ශිෂ්‍යභාවය අහෝසි කිරීම, විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට (ස්ථිර/තාවකාලික0 බඳවා නොගැනීම. (3.9 සහ 3.11)
2.15 (ස) වෙනත් අපේක්ෂකයකුගේ විභාග අංකයක් භාවිත කිරීම හෝ ඒසේ කිරීමට තැත් කිරීම.අවසාන විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීම, අධ්‍යයන වර්ෂයකින් ප‍්‍රමාද කිරීම, උපාධි ප‍්‍රදානෝත්සවයට  /සමර්පණෝත්සවයට නොකැඳවීම,  අදාළ විෂය එ්කකයෙහි ප‍්‍රතිඵල අවලංගු කිරීම හා ඒ සඳහා නැවත පෙනී සිටීමේ දී ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව සාමාන්‍ය සාමාර්ථ්‍යයක් සඳහා වන අවම ලකුණු සංඛ්‍යාවට සීමා කිරීම,  පන්ති / සම්මාන සාමර්ථ්‍යයක් ලබා නොදීම, ශිෂ්‍යභාවය වසර හතරකින් හෝ පහකින්   අත්හිටුවීම, විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට (ස්ථිර/තාවකාලික) බඳවා නොගැනීම, (3.2, 3.3, 3.4, 3.5, 3.8 සහ 3.11).
2.15 අපේක්ෂකයකු තමන් වෙනුවෙන් පෙනී (11) සිටීමට වෙනත් කෙනෙකු යෙදවීම.ශිෂ්‍යභාවය අහෝසි කිරීම. විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට (ස්ථිර/තාවකාලික) බඳවා නොගැනීම. (3.9 සහ 3.11)
2.16 වෙනත් විභාග අපේක්ෂකයකු වෙනුවෙන් කෙනෙකු පෙනී සිටීම.ශිෂ්‍යයෙකු නම් ශිෂ්‍යභාවය අහෝසි කිරීම, විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට (ස්ථිර/තාවකාලික) බඳවා නොගැනීම, (3.9 සහ 3.11) ශිෂ්‍යයෙකු නොවේ නම් ඔහුට/ඇයට එරෙහිව රටේ පවතින නීතියට අනුව ක‍්‍රියා කිරීම, විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට (ස්ථිර/තාවකාලික) බඳවා නොගැනීම.  (3.10 සහ 3.11)
2.17 සනාතන සභාව මගින් තීරණය කළ හැකි අනෙකුත් විභාග අක‍්‍රමිකතා. සනාතන සභාව මගින් නියම කරනු ලබන දඬුවම්.
2.18 පිළිතුරු පත‍්‍ර ලකුණු කරන පරීක්ෂකවරයකු විසින් වාර්තා කරනු ලැබ සනාතන සභාව විසින් අනුමත කළ අක‍්‍රමිකතා.අක‍්‍රමිකතාවය අනුව සනාතන සභාව මගින් නියම කරනු ලබන දඬුවම්
2.19 විභාග අක‍්‍රමිකතාවයක් කිරීමට ආධාර හෝ අනුබල දීම.අනුබල හෝ ආධාර දුන් විභාග අක‍්‍රමිකතාවයට නියමිත සියලූ දඬුවම්.