ඉහත දක්වන ලද සෑම පහසුකමක් ම හා උපකරණයක් ම සරසවියට අයත් පොදු දේපල වන අතර ඒවායින් නිසි ප්‍රයොජන ලැබීම මෙන් ම ඒවා වගකීමෙන් යුතු ව ප්රවේශමින් පරිහරණය කිරීම ද ඔබගේ යුතුකමකි. මෙම ඒකකය ඔබ වෙනුවෙන් උදෑසන 8 සිට සවස 5 දක්වා කාර්යාල කාල සීමාව තුළ සෑම සතියේ දිනයක ම විවෘත ව පවතියි. එය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පීඨය මඟින් පාලනය හා නඩත්තු කටයුතු සිදු කෙරෙන ඒකකයක් වන බැවින් ඔබට අවශ්‍ය තොරතුරු පීඨය මඟින් ලබා ගත හැකි ය. වර්තමානය වන විට එහි උපදේශක තනතුර දරනු ලබන්නේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශ ප්‍රධානී ආචාර්ය කුසුමලතා ලංකාමුල්ල ආචාර්යතුමිය වන අතර ඇය සම්බන්ධ කර ගැනීමෙන් ද ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇත.
ඔබ වෙනුවෙන් පත් කර සිටින පරිගණක උපදේශකවරයා වශයෙන් වර්තමානයේ කටයුතු කරනු ලබන්නේ කසුන් නයනජිත් මහතා ය. ඔබට අවශ්‍ය වැඩිදුර තොරතුරු එතුමාගෙන් ද ලබා ගත හැකි ය.