LMSපද්ධතිය හෙවත් ඩිජිටල් ඉගෙනුම් අවකාශය (Learning Management System)
LMS නමින් හඳුන්වනු ලබන්නේ විශ්වවිද්‍යාලය මඟින් ඔබට ලබා දී ඇති ඩිජිටල් ඉගෙනුම් අවකාශය යි. එමඟින් ඔබට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අදාළ බොහෝ දෑ ඉටු කර ගත හැකි ය. මෙය ඇතැම්විට විෂයන් සඳහා අවශ්‍ය ඉගෙනුම් අතිරේකයන් ඔබ වෙනුවෙන් සපයා දෙයි. මෙය වඩාත් ම ප්‍රයෝජනයට ගනු ලැබූවේ දුරස්ථ ඉගෙනීම ආරම්භ වීමත් සමඟ ය. වර්තමානයේ සියලුම විෂයන්වල ඉගැන්වීම් කටයුතු මේ හරහා සිදුවේ.
- එම විෂයන්ට අදාළ ලියාපදිංචි කටයුතු
- දේශන හා දේශනවල පටිගත කිරීම් ලබා ගැනීම
- පැවරුම් හා පැවරුම් මාතෘකා ලබා ගැනීම
- විෂය සඳහා කියවීම් අතිරේක ලබා ගැනීම
- ආචාර්යවරයා විසින් යොමු කරන අත් පත්‍රිකා ආදිය ලබා ගැනීම
- මධ්‍ය වාර පරීක්ෂණය සඳහා සම්බන්ධ වීම
- අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ලබා ගැනීම
- පරීක්ෂණ උත්තර පත්‍ර උඩුගත කිරීම
වැනි කටයුතු රාශියක් වර්තමානය වන විට LMS පද්ධතිය හරහා සිදු කරනු ලබයි. Digital Learning Space – Faculty of Humanities and Social Sciences මගින් එයට ප්‍රවේශ වීමට හැකියාව ලැබේ. එහි Username හා Password ඔබගේ MS Office 365 ගිණුමට එවනු ලබන අතර, ඒ වෙත ප්‍රවේශ වීමෙන් අනතුරු ව ඔබට ඔබගේ පාඨමාලා හා විෂයන් දැක ගත හැකි ය. ඒ අතුරින් ඔබ හදාරනු ලබන විෂයන් හා පාඨමාලා වෙත ප්‍රවේශ වී ඒවා වෙත වෙන වෙන ම Enroll වීමට මීළඟට ඔබට සිදු වේ. මෙහි දී අනිවාර්ය විෂයන් හා පාඨමාලා හැරුනු විට අනිකුත් විෂයන් හා පාඨමාලා සඳහා ඔබට ප්‍රවේශ විය හැක්කේ ඔබ ඒවා සඳහා ලියාපදිංචි වී සිටින්නේ නම් පමණකි. එබැවින් ඔබ LMS තුල Enroll වන විෂයයන් අනිවාර්ය වශයෙන් ම විභාග අංශයේ වෙබ් අඩවියේ ඇති PES (Performance Evaluation Service) මාර්ගගතව ලියාපදිංචි වූ ඒවා විය යුතුය. එසේ ඔබ ලියාපදිංචි වී ඇති විෂයන් හා පාඨමාලා සපයනු ලබන වෙත පිවිසීමේ හැකියාව මේ හරහා ඔබට ලැබේ. එසේ ප්‍රවේශ වී ඔබගේ විෂයන් තෝරාගෙන ඒවා වෙත Enroll වීම ඔබට කළ හැකි ය.
ඉන් පසුව ඉහත කී පරිදි වැඩි දුර ඉගෙනුම් කාර්යයන්, සටහන් හා දේශන ලබා ගැනීම් ආදිය ඔබට කළ හැකි ය. ඔබගේ විභාග ප්‍රශ්න පත්‍ර උඩුගත කිරීමට ද ඔබට හැකියාව ලැබෙන අතර විභාගය පවත්වනු ලබන්නේ මාර්ගගත (Online) ක්‍රමවේදය හරහා නම් විභාග කටයුතු සියල්ලක්ම පාහේ සිදු වන්නේ ද මේ හරහා ය. දේශන සඳහා සම්බන්ධ වීමට අවශ්‍ය ZOOM සබැඳීන් ආදිය ද බොහෝ විට ඔබ වෙත යොමු කරනු ලබන්නේ මෙම LMS පද්ධතිය හරහා ය. ඔබගේ කාලසටහන ඒ තුළින් ලබාගෙන අදාළ ZOOM දේශන පැවැත්වෙන වෙලාවට පෙර සබැඳිය ලබාගෙන ඒවා සඳහා සහභාගී වීමේ හැකියාව ඇත.
ඔබගේ ආචාර්යවරයා විසින් ඔබට ලබා දෙනු ලබන කියවීම් අතිරේකයන් හා අත්පත්‍රිකා ආදිය බාගත කර ගත හැකි වන්නේ ද මෙම LMS පද්ධතිය හරහා ය. දුරස්ථ ඉගෙනුම් ක්‍රමවේද හරහා විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදු ව ඇති මෙම අවධියේ දේශන සම්බන්ධ සියලු කටයුතු ද මේ හරහා සිදු වේ. එක් එක් අධ්‍යයනාංශ හා එක් එක් විෂයන්ට වෙන් වූ විධිමත් වෙබ් අවකාශයන් මෙම ප්‍රධාන LMS පද්ධතිය තුළ සපයා ඇත. ඒවා භාවිත කිරීමට ඉතා පහසු ආකාරයෙන් සැලසුම් කර ඇති අතර ඒවා සම්බන්ධ කිසියම් ගැටලුවක් ඇති වුවහොත් සම්බන්ධීකාරකවරයෙකු හා සම්බන්ධ වී ඒවා නිරාකරණය කර ගැනීමට අවශ්‍ය පහසුකම් ද ලබා දී ඇත.
එපමණක් නොව ඔබගේ අධ්‍යයන හා අනධ්‍යයන කටයුතු සම්බන්ධ දැනුවත් කිරීම් ආදිය ද මේ හරහා ඔබට ලබා ගත හැකි ය. එවන් දැනුවත් කිරීම් ආදිය විශ්වවිද්‍යයාලීය ප්‍රධාන වෙබ් අවකාශය හරහා ද ඔබට ලබා ගත හැකි ය.