විස්තරාත්මක සහතික පත්‍ර නිකුත් කිරීමේ අයදුම් පත්‍රය භාර ගැනීම (2021)

2021 වර්ෂයේ උපාධිලාභීන් සඳහා විස්තරාත්මක සහතික පත්‍ර නිකුත් කිරීමේ අයදුම් පත්‍රය භාර ගැනීම 2021.07.30 දින සිට 2021.08.05 වන දින දක්වා සිදු කරනු ලැබේ.

  1. පහත දැක්වෙන අයදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතුය.
  2. විස්තරාත්මක සහතික පත්‍රය සඳහා රුපියල් 500.00
  3. තැපැල් ගාස්තු සඳහා රුපියල් 150.00 ලෙස රුපියල් 650.00ක සම්පූර්ණ මුදලක් උපාධි ලාභියාගේ නම සහ විභාග අංකය සඳහන් කරමින් මහජන බැංකුවේ ගංගොඩවිල ශාඛාවේ 097-1001-6-2315454 දරණ ගිණුම් අංකයට මුදල් ගෙවන ලද රිසිට් පතෙහි ඡායාරූපයක් අයදුම්පතට ඇතුළත් (Upload) කළ යුතුය.
  4. ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ශිෂ්‍ය හැඳුනුම්පතෙහි ඡායාරූපය හා තොරතුරු ඇතුළත් පිටුවේ ඡායා පිටපතක් අයදුම් පතට ඇතුළත් (Upload) කළ යුතුය.
  5. පුස්තකාලයෙන් ලබාගෙන ඇති සියලුම පොත්පත් නියමිත පරිදි භාරදිය යුතු අතර එසේ නොමැති නම් සහතික නිකුත් කරනු නොලැබේ.
  6. ඔබගේ ශිෂ්‍ය හැඳුනුම්පත අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයට භාර දිය යුතු වන අතර එය උපාධි සහතිකය නිකුත් කරන අවස්ථාවේදී භාර ගැනිමට කටයුතු කරනු ලැබේ.

රටේ පවතින අයහපත් තත්ත්වය අනුව විශ්වවිද්‍යාලයට පැමිණ විස්තරාත්මක සහතික පත්‍රය ලබා ගැනීමට නොහැකි වන අතර එය ඉදිරි සතිය ඇතුළත විශේෂ තැපැල් සේවාව මගින් ඔබ වෙත ලබා දීමට කටයුතු කරනු ලැබේ.

අයදුම් පත්‍රය වෙත පිවිසෙන්න>>

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022