slider1
3

" පිං ඇති සරසවි වරමක් උදෙසා "


කේවල තරඟ අංශ

ගායනය (අධ්‍යයන/අනධ්‍යයන/ශිෂ්‍ය)

ජනප්‍රිය ගීත ගයන කල යුතුය

උපරිම කාලය විනාඩි 4 කි.

ගී පද රචනා (අධ්‍යයන/අනධ්‍යයන/ශිෂ්‍ය)

අභිමතය පරිදි ගී පද රචනය සිදු කල හැකිය

මේසඳහා ඉදිරිපත් කෙරෙන නිර්මාණ මිට පෙර වෙනත් කිසිඳු සම්මානයකට පාත්‍ර නොවුණු ඒවා විය යුතුය.

එක තරඟකරුවෙකුට ගී පද රචනා ඉදිරිපත් කල හැකි උපරිම සංඛ්‍යාව 2 කි.

එක නිර්මාණයකින් පිටපත් තුන (3) බැගින් ඉදිරිපත් කල යුතුය.

ගී තනු නිර්මාණය (අධ්‍යයන/අනධ්‍යයන/ශිෂ්‍ය)

තරඟයට ඇතුළත්වීමේ අයදුම්පත්‍රය නිවැරදිව පුරවා සංවිධායක මණ්ඩලයට භාරදිය යුතුය.

සංවිධායක මණ්ඩලයෙන් ලබාදෙන ගී පද මාලාවට නිර්මාණය කරන තනුව තරගය සඳහා යොමු කෙරේ.

ඔබ විසින් නිර්මාණය කරන තනුව ඔබ කැමති මාධ්‍යයකින් පටිගත කර සංයුක්ත තැටියක් මගින් ලබා දිය යුතු වේ.

තනු නිර්මාණය සඳහා අදාළ ගී පද මාලාව තොරතුරු කේන්ද්‍රයෙන් ලබා ගත හැකිය.

හොඳම නිර්මාණ 03 සම්මාන උළෙලේ දී ගායනා කෙරේ.

නර්තනය (ශිෂ්‍ය)

දේශීය – උඩරට/පහතරට/සබරගමු

විදේශීය – භරත/කථක්/බැලේ/බටහිර

උපරිම කාලය විනාඩි 05කි.

නිවේදනය (ශිෂ්‍ය)

මාධ්‍යය: ඉංග්‍රීසි හෝ සිංහල

ක්ෂණික නිවේදනයට හා වේදිකා නිවේදනයට උචිතවන පරිදි අභිමත මාතෘකාවක් යටතේ නිවේදනය ඉදිරිපත් කල යුතුය.

කාලය විනාඩි 3 කි.

චිත්‍ර (ශිෂ්‍ය)

ප්‍රකාශන/ සම්ප්‍රදායික/ ග්‍රැෆික්/ කාටුන්

තෙල්සායම්/ දියසායම් හෝ මිශ්‍ර මාධ්‍ය භාවිත කල යුතුය

ප්‍රමාණය අඟල් 17×24

ඡායාරූප (ශිෂ්‍ය)

කළු හෝ සුදු වර්ණ

ප්‍රමාණය: අවම අඟල් 10×12

උපරිම  අඟල් 16×20

කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට හා වාර්තා වැඩසටහන් (ශිෂ්‍ය)

ඔබගේ නිර්මාණය 2016 හෝ 2017 වසර තුල කල නිෂ්පාදනයක් විය යුතුය.

කෙටි චිත්‍රපට උපරිම විනාඩි 10 කි (කේවල හෝ සාමුහික)

වාර්තා චිත්‍රපට උපරිම විනාඩි 15 කි (කේවල හෝ සාමුහික)

වාර්තා වැඩසටහන් උපරිම විනාඩි 5 ත් 10 ත් අතර (කේවල)

වාදනය (ශිෂ්‍ය)

බෙරවාදන

කාලය උපරිම විනාඩි 06 ත් 08 ත් අතර

උඩරට මඟුල් බෙර වාදනය – ඒකල – කාන්තා/පිරිමි

පහතරට මඟුල් බෙර වාදනය – ඒකල – කාන්තා/පිරිමි

සබරගමු දවුල් බෙර වාදනය – ඒකල – කාන්තා/පිරිමි

ශ්‍රාස්ත්‍රීය වාදන

කාලය උපරිම විනාඩි 04 ත් – 6 ත් අතර

සර්පිනා/ සිතාර්/ බටනලා/වයලීන්/තබ්ලා/එස්රාජ්

බටහිර වාදන

කාලය උපරිම විනාඩි 04 ත් 06 ත් අතර

ඕගන්/ ගිටාර්/ඩ්‍රම්ස්/එකෝඩියන්

  • සැ.යූ. වාදන තරගය සඳහා සහභාගී වන තරග කරුවන්ට බෙරවාදන, ශාස්ත්‍රීය වාදන හා බටහිර වාදන යන අංශ වලින් තරග දෙකකටද ඒ එක් එක් අංශයන්හි අනු තරග අංශ දෙකකටද සහභාගී විය හැකිය.

සාහිත්‍යය තරග

කෙටි කතා (ශිෂ්‍ය)

වචන 1250 – 1500 අතර විය යුතුය

පද්‍ය රචනා (ශිෂ්‍ය)

අභිමත තේමාවක් යටතේ ලිවිය හැකිය

සඳැස් කාව්‍ය/නිසදැස්

නිර්මාණ විචාරය (ශිෂ්‍ය)

වචන 1000 ත් – 1500 ත් අතර විචාරයක් විය යුතුය

නාට්‍යය

නැතුවම බැරි මිනිහෙක් – රාජිත දිසානායක

ප්‍රේමවන්ත කුමාරයෝ – ප්‍රියංකර රත්නායක

සුරූපී සහ මෘග – මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

නවකතා

දුල්වල අලංකාරේ  – සුමුදු නිරාගී සෙනෙවිරත්න

අහම්බකාරක – ලියනගේ අමරකීර්ති

හිතුවක්කාරයෝ – හරින්ද්‍රනාත් චන්ද්‍රසිරි

චිත්‍රපට

ප්‍රේම්යනම් – වින්දන අරියාවංශ / කල්පනා අරියවංශ

28 – ප්‍රසන්න ජයකොඩි

නිනෝ live -තිසර ඉඹුලාන

ස.යූ. මෙමෙ නිර්මාණ වලින් අභිමත නිර්මාණ විචාරය සඳහා තොරගත හැකිය. ඇත අකුරින්  හෝ යතුරු ලියනය කොට භාර දිය හැකිය. Font; Fm abhaya / Size: 12

සාමුහික තරංග අංශ

අධ්‍යයනාංශ තරගාවලිය

එක් එක් අධ්‍යයනාංශය මගින් සිදු කිරීමට අපේක්ෂිත නිර්මාණය පිලිබඳ විස්තර සහිත යෝජනාවලියක් රන් රසු ප්‍රතිභා අභිනන්දන උළෙලේ තරඟ සංවිධායක කමිටුව වෙත 2017 ජුනි මස 23 දිනට පෙර හෝ ඊට පෙර භාර දී එම යෝජනාවලිය අනුමත කරගත යුතුය.

අභිමත පරිදි නර්තනය, ගායනය හා රඟපෑම ආදී විවිධ කලා කුසලතාවලින් සමන්විත නව නිර්මාණයක් කිරීමට අවස්ථාව ලබාදේ.

සහභාගි විය හැකි ශිෂ්‍ය සංඛයාව 15 ත් 20 ත් අතර වේ.

කාලය විනාඩි 6ත් 8ත් අතර විය යුතුය.

  • ස. යූ. එක් තරග කරුවෙකුට ඉදිරිපත් විය හැක්කේ ප්‍රධාන තරග තුනකට පමණි. චිත්‍ර, ඡායාරුප, කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට, වාර්තා වැඩසටහන් හා සාහිත්‍ය තරග සඳහා ඉදිරිපත් වන තරගකරුවන්ට එක අංශයකින් උපරිම නිර්මාණ 03 බැගින් ඉදිරිපත් කල හැකිය.
  • චිත්‍ර හා ඡායරුප රාමු රහිතව භාරදිය යුතුය
  • සියලුම තරග සඳහා විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.
එක් එක් තරඟ අංශ වල ප්‍රථම ස්ථාන සඳහා කුසලාන පිරිනැමෙන අතර දෙවන තෙවන ස්ථානවලට අමතරව කුසලතා සහතික පත්‍ර 10 බැගින් පිරිනමනු ලබයි. පසුගිය වර්ෂවලදී ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යයන්ට නැවත තරගය සදහා ඉදිරිපති විය නොහැකිය. අයදුම්පත් ලබා ගැනීම, සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍ර හා නිර්මාණ භාර දීම තොරතුරු කේන්ද්‍රය මගින් සිදු කෙරේ. (පසුගිය වර්ෂ වලදී ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නැවත එම තරගය සඳහා ඉදිරිපත් විය නොහැක)