ඓන්ද්‍රීය ‌බෝග වගාවෙන් ඵලදාව වැඩි කරගත හැකි ද ?

‌‌‌ඓන්ද්‍රීය ‌බෝග වගාවෙන් ලෝකයේ සියලු ම ජනතාවගේ කුසගිනි නිවිය හැකි යැයි සිතන්නේ මිත්‍යා මතදාරී හිපියන් හිස්ටීරියා රෝගයෙන් පෙළෙන මව්වරුන් හා තමාගේ යහපත්කම ගැන නුවුවමනා ලෙස සිතන ‌‌‌‌ ඓන්ද්‍රීය ‌බෝග වගාවෙහි යෙදෙන ගොවීනුත් යැයි කිවහොත් එය නිවැරදි ද ?

ඇත්ත වශයෙන් ම ඒය ඒසේ නොවේ. විශාල වශයෙන් ඓන්ද්‍රීය ‌ගොවිතැනට යොමුවීම ලෝක ආහාර සැපයුම් ඉහළ යාමට හේතුවක් වනවා පමණක් නොව කුසගින්න මුලිනුපුටා දැමීමට ද හේතුවක් වන බව සැළකිය යුතු ප්‍රමාණයක කෘෂි ව්‍යාපාරික විධායක නිලධාරිහු කෘෂිකර්ම හා ස්වභාවික සම්පත් පිළිබඳ අධ්‍යනයෙහි යෙදෙන විද්‍යාඥයෝ සහ ජාත්‍යන්තර කෘෂිකාර්මික විශේෂඥයෝ ද විශ්වාස කරති.

මෙය විශාල පුදුමයක් ලෙස පෙනි යතත් අවසානයේ දී ඓන්ද්‍රීය වගාකරන භාවිතකරන ගොවීහු අධි අස්වැන්න සහිත කෘෂිකර්මාන්තය හා සමගාමී ව යතැයි සැළකෙන කෘමිනාශක‚ කෘතිම පොහොර සහ අනෙකුත් උපකරණ අවඥාවට ලක් කරති. ඒ් වෙනුවට ඔවුහු සතුන් වැඩිපුර සෑදීම මඟින් පොහොර ලබාගැනීම‚ බෝංචි තෘණ හෝ නයිට්‍රජන් සහිත කරල් වර්ග වගා කිරීම‚කොම්පොස්ට් පොහොර සෑදීම හෝ භූමියත් ජලයත් විනාශ කරන රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කළ නොහැකි වෙනත් මාර්ගවලින් ලබාගත හැකි පොහොර වැනි දේ මත යැපෙති. ( සන්සන්දනාත්මක ව බලන කළ කෘතිම පොහොර නිපදවීවෙමන් අතිවිශාල ඉන්ධන ප්‍රමාණයක් විනාශ වී යයි) ඓන්ද්‍රීය ‌වගා ක්‍රමය භාවිතා කරන ගොවීන් කෘතිම කෘමිනාශක යොදා නොගන්නා බැවින් ඔවුන්ගේ කුඹුරු සහ අනෙකුත් ගොවිපලවල්‚ අස්වැන්නට වින කරන කෘමීන්ගෙන්‚ පලතුරු නරක් කරන කොළ රෝගයෙන් හා පුළ වසාගෙන පැතිරෙන වල් පැළෑටිවලින් පීඩා විඳිනු ඇතැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. ඓන්ද්‍රීය ‌ වගාවෙහි යෙදෙන ගොවීන් කෘමි උවදුරු පාලනය කිරීම සඳහා ශෂ්‍ය මාරු වගා ක්‍රමය භාවිතා කරන හෙයින් නිතරම ධාන්‍ය‚ තිරිඟු හෝ වෙනත් බෝග වර්ග එක ම භූමියේ වගා නොකෙරේ.

ලෝකය ඓන්ද්‍රීය බෝග වගාව මත රඳා පවතී නම් එයින් අදහස් කෙරුණේ අඩු ජනගහනයක්‚ සුළු වශයෙන් අනිසි ලෙස යොදාගනු ලැබූ ගොවිපල සතුන් සහ ස්වල්ප වශයෙන්‚ පිළිකා ඇති කරන ද්‍රව්‍ය අපේ එළවළුවල ඉතිරි වීම වුවත් වර්තමානයේ පවතිනවාට වඩා වැඩි භූමි ප්‍රමාණයක් එම බෝග වගාව සඳහා යෙදවිය යුතු ව තිබුණු බවට තර්කයක් පවතී.

ඓන්ද්‍රීය ‌පොහොර භාවිතයෙන් බිලියන 6ක ජනගහනයක් පෝෂණය කිරීමට බලාපොරොත්තු නොවන අතර එවැන්නක් කිරීමට උත්සහ කළහොත් බොහෝමයක් කැළෑ එළි කිරීමට සිදුවන බවත් නොබෙල් ත්‍යාගලාභි පැළෑටි බෝ කරන්නේකු වූ නෝමන් බෝලොග් 2002 දී පැවති සාකච්ඡාවක දී පැවසීය. මේ ශත වර්ෂයේ දී මනුෂ්‍ය වර්ගයාට මුහුණ පෑමට සිදු වී ඇති ලොකු ම විපත මිහිකත උණුසුම් වීම නොව මිහිකත ඓන්ද්‍රීය ගොවිතැනට පරිවර්තනය වීම ‌හෙවත් ඇස්තමේන්තුගත බිලියන 2ක ජනගහනයක් මියයෑම බව මේ පිළිබඳ ව වඩාත් තියුණු ලෙස අදහස් දක්වන කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාඥයෙකු වන ජෝන් එම්ස්ලි පවසයි.

විශාල වශයෙන් ඓන්ද්‍රීය ‌බෝග වගාවට යොමු වීමෙන් බිලියන ගණන් ජනතාවට කුසගින්නේ සිටීමට සිදුවනු ඇතැයි යන බියෙන් පසුවන විවේචකයින්ගෙන් පමණක් නොව ජනතාවගේ කුසගනි නිවීමට මෙම වගා ක්‍රමය යහපත් එකක් වනු ඇද්ද යන සැකයෙන් පෙළෙන ගොවීන් සහ සංවර්ධන ආයතනවල ද සියුම් පරීක්ෂාවට මෙම වගා ක්‍රමය මෑත කාලයේ දී භාජන විය.

විශාල වශයෙන් ඓන්ද්‍රීය ‌වගාක්‍රමයට යොමු වීමෙන්පෝෂ්‍ය පදාර්ථ හිඟයට සහ අඩු අස්වැන්නට සාර්ථක විසඳුම් ලැබේ ද යන්න පිළිබඳ ව මෑතක් වනතුරු ම කිසිවෙකු විසින් ක්‍රමානුකූල ව පරීක්ෂා කොට නොතිබීම අවාසනාවට කරුණකි.

කේ. අංජලී චන්දිමා සිල්වා
ඉංග්‍රීසි ඉගැන්වීමේ අධ්‍යයනාංශය

Recent Blogs

මානසික ඒකාග්‍රතාව
March 9, 2024
Externalities and Market Failure
January 30, 2024
Swing between British and American Englishes
January 30, 2024
Decoding Cryptocurrency: Navigating the Future of Digital Finance.
January 30, 2024
Digital Vigilance: Empowering Security in the Modern World
November 27, 2023

Recent News

Faculty Publication Day – 2024
February 17, 2024
Faculty Publication Day – 2024
February 17, 2024
Blog Writing Workshop
February 13, 2024
පීඨ ප්‍රකාශන දිනය – 2023
February 13, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023

Upcoming Events