Following are the 2nd lists of students’ selected by each Department of the faculty to follow Honours Degree Programs. These students have been eligible to follow relevant honours degree programs under the criterias considered by each of the departments. However if you have already selected and registered to a honours degree program based on the previously published special selected list and through registration form you will not be able to reregister to a new program.

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ එක් එක් අධ්‍යයනාංශ මගින් ලබාදෙන ගෞරව උපාධි හැදෑරීම සඳහා දෙවන වටයට තේරී පත්ව ඇති දෙවන වසර සිසුන්ගේ නාම ලේඛන මෙහි දැක්වේ.

මෙහිදී පුරප්පාඩු ඇති අධ්‍යයනාංශ සහ තේරී පත්ව ඇති සිසුන්ගේ නාමලේඛන මෙහි දැක්වෙන අතර ඉදිරියේදී අනෙකුත් අධ්‍යයනාංශ වල පුරප්පාඩු සලකා බලා ඔවුන්ගේ ලැයිස්තුද මෙහි ඇතුලත් කරනු ඇත.

මෙම සිසුන්ට අදාළ ගෞරව උපාධි සඳහා ලියාපදිංචි වීමේ හැකියාවද මෙහිදී ලැබෙන අතර මෙයට පෙර පීඨය විසින් නිකුත් කළ ගෞරව උපාධි සඳහා තේරී පත්වූ සහ ඒ හරහා දැනටමත්  ඔබ  අධ්‍යයනාංශයකට  තේරී පත්ව සහ ලියාපදිංචිව ඇත්නම් ඔවුන් නැවතත් පහත ලැයිස්තුවට  අදාළව ලියාපදිංචි වීම සිදු නොකළ යුතය. එවැනි ගැටළුවක් ඇත්නම් තමා දැනටමත් ලියාපදිංචි වූ අධ්‍යනාංශය අමතා ඒ පිළිබඳව දැනුම් දී උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ. එම අධ්‍යයනාංශ වල අනුමැතිය යටතේ පමණක් දෙවන වරට ලියාපදිංචි විය හැකි බව සලකන්න. (එම අධ්‍යනාංශ වලින් ඔබ දැනටමත් ලියාපදිංචි වී ඇති විෂයයෙන් ඔබ ඉවත් කළ පසුව)

එසේම ඉංග්‍රීසි මාධ්‍ය තෝරාගනු ලබන සිසුන් එම අධ්‍යයනාංශ වලට ලියාපදිංචි වූ පසුව කිසිසේත්ම සිංහල මාධ්‍ය සඳහා හුවමාරු විය විය නොහැකි අතර එසේ සිදු කිරීම ගෞරව උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා නුසුදුසු කරුණක් ලෙස සලකනු ලැබේ. 

Department of Anthropology (Updated on 1st June 2020)

Department of Criminology and Criminal Justice 

Department of Economics

Department of English and Linguistics 

Department of Geography  (Updated list)

Department of Political Science

Department of Philosophy and Psychology (Updated on 1st June 2020)

Department of Sociology

Department of Sinhala and Mass communication (Masscommunication 2nd list)

ඉහත දැක්වෙන අධ්‍යයනාංශ වලින් නිකුත් කරන ලද දෙවන වටය සඳහා තේරී පත්ව ඇති සිසුන් පහත පෝරමය පුරවා ලියාපදිංචි විය යුතුය.

Form>>