මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ දර්ශනය හා මනෝ විද්‍යා විෂය සංගමයේ සංවිධානයෙන් වාර්ෂිකව එළිදක්වනු ලබන චින්තනධරා ශාස්ත්‍රීය සඟරාවේ සිවුවන කලාපය එළිදැක්වීමේ උත්සවය 2018 ජනවාරි මස 4 වන දින සුමංගල කියවීම ශාලාවේදී පැවැත්විණි.

උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ආරාධිත අමුත්තා ලෙස මෙම උත්සවසභාවට සහභාගී වූ අතර විශේෂ දේශනය පවත්වන ලද්දේ මානව සම්පත් හා කළමනාකරණ අධ්‍යයනාංශයේ ආචාර්ය දුෂාර් දයාරත්න මහතා විසිනි. පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමින්වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයින් රැසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.