This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය විසින් සංවිධානය කරන ලද “විකි සමාජය” ශිෂ්‍ය කේන්ද්‍රීය  අධ්‍යාපනික වැඩ සටහනකි. ඇමරිකාවේ ස්ථාපිත විකි මාධ්‍ය පදනම (WMF) සමඟ සහයෝගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතය.

විශ්වවිද්‍යාලයිය උපාධි අපේක්ෂකයින්ගේ හැකියාවන්, දැනුම සහ ආකල්ප පෝෂණය කිරීම සඳහාත් ඔවුන්ට වටිනා අධ්‍යාපනික හා සමාජීය ප්‍රතිලාභ අත්පත් කර ගැනීම සඳහා අන්තර්ජාල ක්‍රියාකාරී අත්දැකීමක් ලබාදීමත් විකි සමාජයේ මුලික අභිප්‍රාය වේ.

විකි සමාජයේ සමාරම්භක උත්සවය 2018 මැයි මස 9 වැනි බදාදා, උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩි. පී. එස්. චන්ද්‍රකුමාර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ මණ්ඩලයේ දී පැවැත්වීමට නියමිතය.