This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන පුජ්‍ය මහාචාර්ය එම්. විජිතධම්ම ස්වාමීන් වහන්සේට ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ ගෞරව සම්මානය හිමිවිය. උන්වහන්සේ විසින් රචිත දසබෝධිසත්තුප්පත්තිකථා අට්ඨකතා කෘතියට හිමි වූ මෙම සම්මානය 2018 සැප්තැම්බර් මස 14 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ‘බෞද්ධ සාහිත්‍ය සම්මාන – 2018’ දී පුජ්‍ය සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමින් වහන්සේගේ අතින් ප්‍රධානය විය.