This post is also available in: English

මානවශාස්ත්‍ර හා සමජිය විද්‍යා පිඨයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ විෂයමාලාව සංවර්ධනය සහ යාවත්කාලින කිරීම උදෙසා පාර්ශවකරුවන් සම්බන්ධකරගත් සමීක්ෂණය 2018 වර්ෂයේ ජනවාරි මස 19 දින පිඨ රැස්වීම් ශාලාවේදී පැවැත්වුනි. මෙම සමීක්ෂණයේ අරමුණ වුයේ විවිධ ක්ෂේත්‍ර වල නියැලී සිටින විද්වතුන් හා භාවිත කරන්නන්ගේ අත්දැකීම් ඇසුරින් අනාගතයේදී රැකියා වෙළදපොල ඉලක්ක කරගත් අංග සම්පුර්ණ උපාධිධාරියෙකු බිහිකිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමය. එසේම පවතින විෂය නිර්දේශය ඇගයීම, පවතින අඩුපාඩු හඳුනා ගැනීම, යාවත්කාලින කිරීමද අපේක්ෂා කෙරුණි.

මේ සඳහා මානවශාස්ත්‍ර හා සමජියවිද්‍යා පිඨයේ පීඨාධිපති, මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා, මහාචාර්ය ආර්. එම්. කේ. රත්නායක, අධ්‍යයනාංශ ප්‍රධානි, භුගොලවිද්‍යා අධ්‍යයනාංශය සහ එම අධ්‍යයනාංශයේ අනෙකුත් ආචාර්යවරුන් සහභාගී විය. මිට අමතරව භුගොලවිද්‍යා විෂය ක්ෂේත්‍රය නියෝජනය කරනු ලබන විද්වත් මඩුල්ලක් මෙම සමීක්ෂණය සඳහා සහභාගී විය.