සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය සංවිධානය කළ බුද්ධිමය දේපළ හා ජනමාධ්‍ය භාවිතය පිලිබඳ දේශනය

2

a

 

 

 

 

සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය විසින්බුද්ධිමය දේපළ හා ජනමාධ්‍ය භාවිතයමැයෙන් සංවිධානය කරන ලද දේශනයක් රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා ව්‍යවසායකත්ව අධ්‍යයනාංශයේ වාණිජ නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිස්ස හේමරත්න මහතා විසින් 2016. 10. 20 වන දින විශ්ව විද්‍යාලයීය සුමංගල මන්දිරයේ සුරවීර ශාලාවේදී පවත්වන ලදී.

රටක සදාචාර සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිකිරීමට නම් ජනමාධ්‍යයේ පැවැත්ම හා නීතියේ පැවැත්ම යන ද්විත්වය ම අවශ්‍යයි එමෙන්ම ජනමාධ්‍ය හැදෑරීමේදීජනමාධ්‍යකරණයේදී හා භාවිතයේදී අපගේ කාර්යභාරය හඳුනාගත යුතුයි.” යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිස්ස හේමරත්න මහතා ප්‍රකාශ කළේ ය.

අනවබෝධයෙන් යමක් කර, සිරගත වන්නේද? සදහටම නිද්‍රෝපගත වන්නේද? සුවිසල් මූල්‍යමය වන්දියක් ගෙවන්නේද? එසේත් නැතිනම් එකී බාධා මඟහැර යහපත් මාධ්‍යකරුවකු වන්නේද? යනාදී ලෙස  මාධ්‍යකරුවන් නිරන්තරව කළ යුත්තේ කුමක්දැයි තීරණය කිරීම වැදගත් බව ද හෙතෙම පැවසීය.

ජනමාධ්‍යවේදීන් වශයෙන්, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ වූ අනෙකුත් නීතීන්ට ද ගරු කරමින් එහි වූ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අර්ථාන්විත යථාර්ථයක් බවට පත් කළ යුතු බව එහිදී ඔහු තවදුරටත් පහදා දුන්නේ ය

සංස්කරණය  පවිත්‍රා සුබෝධනී

 

 

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022