This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සිසුන්ගේ නවෝත්පාදන කුසලතා වැඩිදියුණු කරමින් නව ලොවට ගැළපෙන අනාගත ව්‍යවසායකයින් බවට පත්කරලීමේ මූලික අරමුණින් පසුගිය දා ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකයක් සහ ව්‍යවසායකත්ව සමාජයක් (EntreClub) රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් රැසක් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලදී.

මෙම වැඩ සටහන සඳහා ආරාධිත සම්පත්දායකයන් ලෙස

  • පැල්වත්ත සමූහ ව්‍යාපාරයේ අධිපති ආරියශීලී වික්‍රමණායක මහතා
  • ශ්‍රී ලංකා නවෝත්පාදන කොමිශන් සභාවේ කොමසාරිස් මහාචාර්ය රංගික හල්වතුර
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණ හා වානිජ්‍යය පීඨයේ සහය කථිකාචාර්ය චාතනී ද සිල්වා
  • Rich Life සමූහ ව්‍යාපාරයේ සභාපති දුලංජන මහතා
  • බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නියෝජිත මහතෙක්
  • සිළුමිණ පුවත්පත් කතෘ

යන සම්පත්දායකයින් මේ සඳහා සහභාගි විය.

විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධීපති  මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මැතිතුමාගේ මූලීක සංකල්පයකට අනුව ආරම්භ වූ මෙම ඒකකය ඔස්සේ ඉදිරියේදී  මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සිසුන් සඳහා විවෘත වේ.

More on Business Idea Competition 2019 & EntreClub: http://entreclub.sjp.ac.lk/