This post is also available in: English

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ, භාෂා සංස්කෘතික සහ ප්‍රසාංගික කලා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද “ගැමිසර” නර්තන ප්‍රසංගය 2018 ජනවාරි මස 30 වන දින සුමංගල ශාලාවේදී පැවැත්විණි.

මෙම අධ්‍යයනාංශයේ අවසන් වසර නර්තනය හදාරන සිසු සිසුවියන්ගේ දක්ෂතා මෙම “ගැමිසර” ප්‍රසංගය හරහා එළිදැක්විය. මෙම අවස්ථාවට භාෂා සංස්කෘතික සහ ප්‍රසාංගික කලා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානි ආචාර්ය විජය ශ්‍රී විතාරණ මහතා, කථිකාචාර්ය හිමලිකා රණවීර මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයද ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක්ද සහභාගී විය.

ඡායාරුප: ජ’පුර ෆ්ලේම්ස්