This post is also available in: English

විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ව්‍යවසායකත්ව සංස්කෘතිය නිර්මාණය කිරීම හා සංවර්ධනය කිරීම මෙම ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකය පිහිටුවීමේ ප්‍රධාන පරමාර්ථයයි.  එමඟින් සිසුන් තුළ පවතින ව්‍යාපාරික අදහස් ක්‍රියාත්මක කිරීමට සහ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට  සිසුන්ට දැන් ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය වෙත යොමු විය හැකිය.

සිසුන් තුළ පවතින නව ව්‍යාපාරික අදහස් වාණිජකරණය දක්වා සහ නිෂ්පාදන සංවර්ධනයන් සඳහා ඔවුන්ගේ සරල සංකල්පය ගොඩනැගීමට මෙම කේන්ද්‍රය සිසුන්ට අවස්ථාව ලබා දෙයි.

ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකය මඟින් වැඩමුළු, තරඟ, උපදේශනය මෙන්ම සාර්ථක ව්‍යවසායකයින් සහ ආරම්භක සමාගම් සමඟ සම්මන්ත්‍රණ වැනි තොරතුරු ඇතුළත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව පවතියි.

මෙවැනි ආරම්භක  වැඩමුළුවක් 2019/11/28 වන දින මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය මඟින්  පෙ.ව 8.30 සිට ප.ව 12.30 දක්වා කියවීම් ශාලාවේ පැවැත්වීමට නියමිතයි.