This post is also available in: English

රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය විසින් සංවිධානය කල 14 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2018 දෙසැම්බර් මස 19 වනදා විශ්වවිද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී.පී.එස්. චන්ද්‍රකුමාර මහතාද, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්.ඒ.ඒ.එම්. සුබසිංහ මහතාද, කළමණාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර මහතාද  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය රෙජිස්ටාර් ඥානසිරි බ්‍රිටෝ මහතාද තවත් සම්භාවනීය පිරිසක් ද සහභාගී වූ අතර ප්‍රධාන දේශනය කොරියාවේ ඩොන්ග් ගුක් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සොනිල් වෑන්ග් මහතා විසින් පැවැත්විය.