අංගම්පොර සහතිකපත්‍ර පාඨමාලාව – 2024/25

අයදුම්කරුවන් සඳහා උපදෙස්

  1. මේ සඳහා අමුණා එවා ඇති අයදුම්පත්‍රය නිසිපරිදි සම්පූර්ණ කොට 2024 සැප්තැම්බර් 15 දින හො ඊට පෙර ලැබෙන සේ පාඨමාලා සමායෝජක, අංගම්පොර සහතිකපත්‍ර පාඨමාලාව, මානවවිද්‍යා අධ්‍යනාංශය, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් කිසිදු හේතුවක් මත හෝ සළකා බලනු නොලැබේ.
  2. අයදුම්පත් ගාස්තුව රු.1000.00 ක් වන අතර ඕනෑම මහජන බැංකු ශාඛාවකින් 013010001488 ගිණුම් අංකයට බැරවන පරිදි මුදල් ගෙවා ලබාගත් රිසිට්පත අයදුම්පත සමඟ අමුණා එවිය යුතුය.
  3. පාඨමාලාව සඳහා අපේක්‍ෂිත සුදුසුකම් හා වෘත්තීය පළපුරුද්ද සනාත කිරීම පිණිස අදාළ ලේඛනවල ඡායා පිටපත් (සේවා සහතිකද ඇතුළත්ව) උප්පැන්න සහතිකයේ පිටපත්, අධ්‍යාපන සහතිකවල පිටපත් හා කායික හා මානසික නිරෝගී බව තහවුරු කෙරෙන සුදුසුකම්ලත් වෛද්‍ය වරයෙකුගෙන් ලබාගත් වෛද්‍ය සහතිකයක් ඇතලු සහතික පිටපත් ඉල්ලුම්පත්‍රය සමග අමුණා එවිය යුතුය.(තම ලිපිනය ලියූ රුපියල් 45 මුද්දරයක් ඇලවූ ලියුම් කවරයක්ද මේ සමග එවිය යුතුය)
  4. අයදුම්පත ඥාති සම්බන්ධතාවයක් නොමැති අයදුම්කරන්නා පිළිබඳව වගකීමක් ගත හැකි පුද්ගලයින් දෙදෙනෙකුගේ සහතික කිරීමක් සහිතව එවිය යුතු අතර අයදුම්කරු පිළිබඳ සියළු වගකීම් ඔවුන් සතුවේ. එබැවින් සහතික කරන්නන්ගේ නම, ලිපිනය, සිදුකරනුලබන වෘත්තිය හා සම්බන්ධකරගත හැකි දුරකථන අංකයද සඳහන් කිරීම අනිවාර්ය වේ.
  5. පාඨමාලාව සඳහා ඇතුළත් කරගැනීම සළකා බැලීමට අපේක්‍ෂිත අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය සුදුසුකම් සනාත කිරීම සඳහා අදාළ ලේඛන වල මුල් පිටපත් සම්මුක පරීක්‍ෂණයේ දී හෝ ඉල්ලනු ලබන අවස්ථාවකදී හෝ ඉදිරිපත් කළ යුතුය.
  6. ඔබගේ අයදුම්පත්‍රය අනුව අදාළ පාඨමාලාව සඳහා ඔබ තොරා ගනු ලැබුවහොත් ඒ බව ඔබට පෞද්ගලිකව දන්වනු ලබන අතර පාඨමාලා ගාස්තු ගෙවියයුත්තේ ඒ අනුවය.