Haritha Blog

Category

පෘථිවිවාසීන් වන අපට පරිසරය නුපුරුදු වචනයක් නො වේ. මහා සාගරයක් වට කොට ගත් කුඩා මනරම් භූමියක් වූ ශ්‍රී ලංකාව “පරිසරය”යැයි කියා පෑමට කදිම නිදර්ශනයකි. සොබා දහමේ මව විසින් දායාද කළ පරාදීසයක් බදු භූමියක ඉපදීමට වරම්ලද අපි භාග්‍යවන්තයෝ වෙමු. ලොව සුන්දර රටවල් අතුරින් ශ්‍රී ලංකාවේ පාරිසරික පද්ධතියට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එම සොබා සිරිය විඳගැනීමට විදේශිකයන්...
Read More
තෙත්බිම් යනු වසර පුරා හෝ වසරේ කිසියම් කාල සීමාවක් ජල බරිත ව පවත්නා බිම් ය. මිනිසා තුළ තෙතට ඇති ස්වභාවික අපුල නිසාදෝ තෙත්බිම් යනු රැකගත යුතු දර්ශණීය භූමි භාගයන් යන්න ජනතාවට ඒත්තු ගැන්වීමට පාරිසරික බලධාරීන්ට සැලකිය යුතු වෙහෙසක් දැරීමට සිදුව ඇත. තෙත්බිම් යන වදන සමග ගොඩනැගුණු කසල පිරි මඩ ගොහොරුවක චිත්තරූපය මැඩ කුරුලු රෑන් හා...
Read More
“මිහිතලය ලොව සැමගේ ම අම්මා ය. අපි ඇගෙන් ජීවිතය ලදිමු. එහෙයින් ඇයට පෞද්ගලික ව ආදරය කළ යුතු වෙමු” චින්ගීස් අයිත්මාතව් මේ ගුරු ගීතය යි. එය අප හදවත් තුළ සදානුස්මරණීය සිහිවටනයක් ව යුග යුග රැව්පිළිරැව් දෙන්නේ සොබාදම් දිනිතියගේ කුසින් මෙලොවට බිහි ව ඇගේ කිරෙන් පොහොණි ව ඇගේ තුරුලේ අවසන් නින්ද ද ලබන සත්වග වෙත ඇය ඒ...
Read More
කාර්මීකරණයේ සීග්‍ර දියුණුවත් සමඟ වර්තමාන ලෝකය තුළ උද්ගත වී ඇති ගැටළු අතරින් ගෝලීය පාරිසරික ගැටළු ප්‍රධාන වේ. කාර්මීකරණය තුලින් ආර්ථික අභිවෘද්ධිය ඇති වුවත් පාරිසරික වශයෙන් උද්ගත වී ඇති ගැටළු රාශියක් නිසා වර්තමාන කාර්මික පරිසරය හරිත කාර්මික පරිසරයක් බවට පත් කිරීමේ අවශ්‍යතාව මතු වී ඇත. මිනිස් අවශ්‍යතා පුළුල් වීමත් සමඟ සංවර්ධනය වූ කර්මාන්ත විවිධ නිෂ්පාදන තුළින්...
Read More
1 2