සිංහල ලිපි කියවා ගත හැකි ස්මාර්ට් ජංගම දුරකථන යෙදවුම්

ස්මාර්ට් ජංගම දුරකථනය වර්තමානය වන විට අපට නැතිව ම  බැරි උපාංගයක් බවට පත් වී හමාර ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කරන දෘශ්‍යාබාධිත විද්‍යාර්ථයින් වශයෙන් ඔබට මෙම ස්මාර්ට් ජංගම දුරකථනය මඟින් ඔබේ අධ්‍යාපන කටයුතු පහසු කර ගැනීම සඳහා මහත් උපකාරයක් ලබා ගත හැකි ය. විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර ඒ පිළිබඳ දැනුවත් වී සිටීම බෙහෙවින් වැදගත් වන බැවින් මෙම ලිපිය හරහා ඔබගේ අධ්‍යයන කටයුතු පහසු කර ගත හැකි ජංගම යෙදවුම් හෙවත් Mobile APPs ඉදිරිපත් කිරීමට කටයුතු කෙරේ. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ඔනෑම ලිපියක් ස්මාර්ට් ජංගම දුරකථනය හරහා ටී.ටී.ඒස් තාක්ෂණය Text-to-Speech Technology ඔස්සේ කියවා ගත හැකි ය. එහෙත් සිංහල භාෂාවෙන් ලියා ඇති ලිපි හා කෘති ආදිය යුනිකේත භාවිතයෙන් සකසා නැතිනම් එසේ පහසුවෙන් කියවා ගත නොහැකි ය. ඒවන් අවස්ථාවල දී භාවිත කළ හැකි ජංගම යෙදවුම් කිහිපයක් පවතී. ඒ් අතුරින් පහසුවෙන් භාවිත කළ හැකි යෙදවුම් කිහිපයක් පිළිබඳ තොරතුරු මෙහිලා සඳහන් කෙරේ. 

Envision AI

සිංහල ලිපි හා ග්‍රන්ථ TTS තාක්ෂණය හරහා කියවාගත හැකි වඩාත් කාර්යක්ෂම ජංගම යෙදවුමක් ලෙස Envision AI නැමැති මෙම යෙදවුම හැඳින්විය හැකි ය

PDF, Txt, DOCX, Word ආදී ඔනෑම ෆයිල් ටයිප් එකකින් සකසා ඇති සිංහල ලිපිගොනුවක් මේ හරහා කියවා ගත හැකි ය. ඕනෑම පිටු සංඛ්‍යාවක් කියවා ගැනීමටත් txt ගොනුවක් ලෙස සේව් කර ගැනීමටත් අවශ්‍ය නම් කොපි කරගෙන අවශ්‍ය ස්ථානයක පේස්ට් කර සේව් කර ගැනීමට හෝ කියවා ගැනීමටත් අවශ්‍ය පරිදි වෙනත් තැනකට හෝ පුද්ගලයෙකුට ශෙයාර් කිරීමටත් හැකි පහසුකම් මෙහි සපයා දී ඇත. තවද ඡායාරූප හා දුරකථනය මඟින් ලබා ගත් ස්ක්‍රීන්ශෝට් ආදිය ද මේ හරහා කියවා ගත හැකි ය. හුදෙක් ම මෙම යෙදවුම මඟින් කියවා ගත හැකි වන්නේ අක්ෂර පමණක් වන අතර මුහුණු, පුද්ගලයින්, ස්ථාන හා බඩුබාහිර ආදිය හඳුනා ගැනීමට අවශ්‍යනම් ඒසඳහා වෙනම ජංගම යෙදවුම් භාවිත කළ යුතු ය. ඒ පිළිබඳව ද මෙම ලිපි මාලාවේ ඉදිරි ලිපියකින් සාකච්ඡා කරනු ලැබේ.

පළමුව ඔබ කළ යුතු වන්නේ Envision AI යෙදුම ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය වෙත ස්ථාපනය කර ගැනීම යි. එය ලබා ගත හැකි ලින්කුවක් මෙම ලිපිය පහතින් සඳහන් කිරීමට කටයුතු කර ඇත. නැතිනම් ඔබට මෙය දින 14කට ගූගල් ප්ලේස්ටෝ හරහා නොමිලේ ලබා ගත හැකි ය. තවදුරටත් භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ් සඳහා යම් ගෙවීමක් කිරීමට ඔබට සිදු වේ. මා විසින් මෙහි දක්වා ඇත්තේ ක්‍රැක් තාක්ෂණය ඔස්සේ Mod කර සකසා ගන්නා ලද එම යෙදවුමේ සංස්කරණයකි. එය අප්ඩේට් (යාවත්කාලීන) නොකර භාවිත කළහොත් කිසිදු බාධාවකින් තොරව ඔබට එය භාවිත කළ හැකි ය. යෙදවුම ඕපන් කරන සෑම අවස්ථාවක ම යාවත්කාලීන කිරීම සඳහා වන පණිවිඩය ඔබට ලැබෙනු ඇත. නමුත් කිසිවිටෙකත් එය යාවත්කාලීන නොකළ යුතු අතර “Dismiss Update”  නැමති බටන් එක ලබා දී ඔබේ කාර්යය කර ගත හැකිය. 

එම අවස්ථාවේ ම යම් කෘතියක් කියවා ගැනීමට ඔබට අවශ්‍ය නම්  ඒහි මැඳ ඇති “Read instantly” යන කමාන්ඩ් එක ලබා දී කියවා ගත හැකි ය. දුරකථනයේ සේව් කර ඇති යම් ලිපියක් කියවා ගැනීමට අවශ්‍ය නම් ඔබ කළ යුතු වන්නේ “Read Multiple Pages” යන බටන් එක ප්‍රෙස් කර අදාළ ස්ථානයට ගොස් ෆයිල් එක තෝරාගෙන කියවා ගැනීම යි.  “Copt Text” හරහා කොපි කර අවශ්‍ය තැනකට ගෙන ගොස් පේස්ට් කර ගැනීමේ හැකියාව ඇත. එසේම “Save As txt File” යන ඔප්ශන් එක මගින් ෆයිල් එක txt ෆයිල් එකක් ලෙස සේව් කළ හැකි ය. එසේ සේව් කළ විට එය ඔබගේ දුරකථනය තුළ ස්ථාපනය වී ඇති Envision AI  නැමැති ෆෝල්ඩරයේ තැන්පත් වේ. එය අවශ්‍ය ඕනෑම අවස්ථාවක නැවත ඕපන් කර කියවා ගත හැකි ය.

 එසේ ම නව ලිපි ගොනුවක් ඕපන් කරන විට ලැබෙන ඇප්ස් ලිස්ට් එක තුළ ඔබේ දුරකථනයේ ඇති මෙම යෙදවුම ද දැකිය හැකි ය. එවිට එය මත ටච් කිරීම මඟින් අදාළ ලිපිය එමඟින් ඕපන් කරගෙන කියවා ගැනීමට ද හැකියාව ඇත. මෙම යෙදවුම භාවිත කිරීම සඳහා ඔබට නිරන්තරයෙන් අන්තර්ජාලයට සම්බන්ධව සිටිය යුතු ය. ඒ සඳහා  වයිෆයි හෝ මොබයිල් ඩේටා පහසුකම් අවශ්‍ය වේ. නමුත් ඒ සඳහා එතරම් ඩේටා වැය වීමක් සිදු නොවන බව සඳහන් කළ යුතු ය. ඉහත කී පරිදි txt ගොනුවක් ලෙස තැන්පත් කර ගත් ලිපියක් කියවීමට නම් අන්තර්ජාල පහසුකමක් අවශ්‍ය නොවේ. අදාළ ජංගම යෙදවුම පහත ලින්ක් එක ඔස්සේ ඩවුන්ලෝඩ් කර ගෙන ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයේ ස්ථාපනය කරගන්න. පසුව ඉහත විස්තරය හොඳින් කියවා එය පරිහරණය කරන්න. ගැටලු මතු වුවහොත් විමසන්න. 

 

T2S

මෙම ජංගම යෙදවුම භාවිතයෙන් ඔබට ඕනෑම භාෂාවකින් ලියා සකසා ඇති ලිපියක් කියවා ගත හැකි ය. ඉංග්‍රීසි හැර සිංහල අනිකුත් භාෂාවලින් ඇති ලිපි යුනිකේත භාවිතයෙන් සකසා තිබීම මෙහි දී වැදගත් වේ. වෙනත් අක්ෂර මෝස්තර වර්ග හඳුනා ගැනීමේ හැකියාව මෙම ජංගම යෙදවුම සතුව නැත. වෙනත් අක්ෂර සංයොගයක් භාවිතයෙන් ලියා ඇති යමක් මේ හරහා කියවා ගැනීමට අවශ්‍ය නම් ඔබ මුලින් ම කළ යුතු වන්නේ එය යුනිකෝඩ්ස්වලට හරවාගෙන ඉන් පසු මෙම යෙදවුමට ලබා දීම යි. 

මෙය ඔබට  ප්ලේස්ටෝ හෝ ඇප්ස්ටෝ හරහා නොමිලේ බාගත කර  ගැනීමේ හැකියාව පවතී. මුලින්ම එය ලබාගෙන දුරකථනය වෙත ස්ථාපනය කර ගත යුතු ය. එය පහසුවෙන් ලබා ගැනීම සඳහා අවශ්‍ය ලින්කුව මෙම ලිපිය අවසානයේ දක්වා ඇත. මෙම ඇප් එක හරහා පහසුන් එඔබට අවශ්‍ය ලිපිය Open කර ගත හැකි ය. අදාළ ලිපිය මත ටච් කර ලැබෙන ඇප් ලිස් ඒකෙන් T2S තොරා ගත හැකි ය. නැතහොත් ඇප් එක Open කර දුරකථනයේ ඔනෑම ස්ථානයක පවතින ලිපියක් Open කර ගත හැකි ය. එවිට Play එක ලබා දුන් පසු ලිපිය කියවීම ආරම්භ වේ. එය නතර කිරීමට අවශ්‍ය නම් Pause බටනය ලබා දීමෙන් එය තාවකාලික ව නතර කළ හැකි ය. මෙය සාමාන්‍ය නොත් පෑඩ් ඇප් එකක් සේ පහසුවෙන් භාවිත කළ හැකි අතර සාමාන්‍ය පරිදි Cut, Copy, Paste කිරීමේ පහසුකම ඇත.

මෙහි ඇති තවත් වාසියක් නම් අක්ෂර විශාලනය කර පෙන්වීමේ හැකියාව යි. එසේම මෙහි දී අක්ෂරවල පැහැය හැඩය ආදිය ද සෙටින්ස් මඟින් වෙනස් කර අවශ්‍ය පරිදි පහසුවෙන් සකසා ගත හැකි ය. තව ද මෙහි කියවීමේ වේගය හා පිච් එක ද වෙන් කර අවශ්‍ය පරිදි සකසා ගැනීමේ හැකියාව ඇත. ශබ්දය අඩු වැඩි කිරීම පහසුවෙන් ම කළ හැකි ය. කියවීම සඳහා භාවිත කර භාෂාවන් හා කටහඬවල් ද වෙනස් කර සකසා ගැනීම සඳහා ඔප්ශන් රාශියක් මේ තුළ පරිශීලකයාට ලබා දී තිබේ. එපමණක් නොව මේ ආකාර අනිකුත් ඇප්ස් භාවිත කිරීමේ දී අන්තර්ජාලයට සම්බන්ධ වී සිටීම අනිවාර්ය වුවත් මෙම යෙදවුම භාවිත කිරීමේ දී එය අවශ්‍ය නොවේ. එය පරිශීලකයාට වඩාත් පහසු දායක තත්ත්වයකි.

අනිකුත් මේ ආකාර යෙදවුම් සමග සසඳා බලන විට මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ හරහා ඔබ කියවනු ලබන ලිපිය හෝ ටෙක්ස්ට් එක Mp3 හෝ Wave ෆෝමැට්වලින් Audio ෆයිල් එකක් බවට පහසුවෙන් හරවා ගැනීමේ හැකියාවයි. ඒසේ කන්වර්ට් කරන ලද ෆයිල් එක අවශ්‍ය නම් පසුව ඇසීමට හෝ කිසියම් කෙනෙකු සමග ශෙයාර් කිරීමට ද පුළුවන. අවශ්‍යතාවය පරිදි වෙනත් උපකරණයක තැන්පත් කර ගැනීමට ද පුළුවන එනම් පරිගණකයට සේව් කර ගබඩා කිරීමට හා පරිශීලනය කිරීමට හැකියාව ඇත. 

අවශ්‍ය ලිපිය මෙම යෙදවුම මඟින් ඕපන් කරගෙන එහි ඇති More ඔප්ශන් බොත්තම ලබා දී “Save to audio file” නම් ඔප්ශන් එක ඒ් අතුරින් තේරිය යුතු ය. පසුව මේ සඳහා ඕඩියෝ ෆෝමැට් එක තේරීමට ලැබේ. අවශ්‍ය පරිදි Mp3 හෝ Wave ෆෝමැට් දෙකෙන් එකක් තෝරාගෙන එය ටච් කළ යුතු ය. එවිට අවශ්‍ය කාලය ලබාගෙන ඔබට ඕකේ කිරීමට බොත්තමක් ලබා දේ. එය ටච් කිරීම කළ පසු ඔබගේ දුරකථනයේ ස්ටෝරේජ් එක දර්ශනය වේ. ඒ් මත ඔබට අදාළ ලිපිය තැන්පත් කිරීම අවශ්‍ය ස්ථානය තොරා ගත යුතු ය. එවිට එහි ඔබ විසින් සකසන ලද අදාළ ලිපියේ ඕඩියො ෆයිල් එක තැන්පත් වේ. 

අදාළ ජංගම යෙදවුම පහත ලින්ක් එක ඔස්සේ ඩවුන්ලෝඩ් කර ගෙන ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයේ ස්ථාපනය කරගන්න. පසුව ඉහත විස්තරය හොඳින් කියවා එය පරිහරණය කරන්න. 

InstaReader

ඉහත සඳහන් කළ ජංගම යෙදවුම්වලට බෙහෙවින් සමාන තවත් යෙදවුමක් ලෙසInstaReader නම් යෙදවුම ද පෙන්වා දිය හැකි ය. මෙය පහසුවෙන් Google Playstore හරහා බාගත කොටගෙන ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය වෙත ස්ථාපනය කර ගැනීමේ හැකියාව ඇත. 

PDF ආදී ඕනෑම ආකාරයක ලිපි ගොනුවක් මෙමඟින් Open කරගෙන කියවා ගැනීමේ හැකියාව ලබා දී ඇති අතර භාවිතය පහසු වන සේ සැලසුම් කර තිබෙන යෙදවුමකි. ඔබට අවශ්‍ය ලිපිය ඕපන් කිරීමේ දී මෙම යෙදුම මඟින් ඕපන් කිරීමට හැකියාව ඇති අතර එසේ නොමැති නම් ඇප් එක Open කර එහි ඇති ලැයිස්තුවෙන් ඔබට අවශ්‍ය ෆයිල් එක සොයාගෙන Open කර කියවීමට ද පුලුවන. 

මෙහි දී Text එකක් වශයෙන් ඇති ලිපි ගොනු ඔබගේ දුරකථනය තුළ ස්ථාපනය කර ඇති TTS යෙදුම හරහා කියවා ගැනීමේ පහසුකම ලබා දී තිබේ. ඊට අමතර ව Audio ෆයිල් එකක් වශයෙන් සේව් කරගෙන කියවා ගැනීමට ද හැකි ය. එහි දී Copy කර ගෙනවිත් Paste කරන ලද හෝ ඉහත දැක්වූ ආකාරයෙන් Open කරගත් හෝ ලිපියක් අදාළ යෙදවුම තුළ ලබා දී ඇති Create Audio Book යන ඔප්ශන් එක භාවිතයෙන් ඕඩියෝ තාක්ෂණයට හරවා ගත හැකි ය. එම අවස්ථාවේ දී ම සවන් දීමට අවශ්‍ය නම් Play බටන් එක ලබා දීම කළ යුතු ය. Save කර පසුව සවන් දීමේ පහසුකම ද මේ තුළ සපයා ඇත.

මේ ආකාරයෙන් ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා පෙළ කියවා ගත හැකි යෙදවුම් හෙවත් Mobile Apps කොතෙකුත් තිබිය හැකි අතර මා විසින් ඔබගේ දැන ගැනීම සඳහා මෙහි දක්වන ලද්දේ ඒ අතුරින් පහසුවෙන් භාවිත කළ හැකි, වඩාත් ප්‍රචලිත යෙදවුම් කිහිපයක් පිළිබඳව පමණක් වන බව පැවසිය යුතු ය.