මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය මගින් වාර්ෂිකව වැඩිම ලකුණු ශ්‍රේණියක් ලබාගන්නා  සහ කැපී පෙනෙන දක්ෂතා දක්වන සිසු සිසුවියන්ට ස්වර්ණ මුද්‍රිකා සහ ත්‍යාග ප්‍රදානය කරනු ලැබේ.

විවිධ අධ්‍යයනාංශ, විෂය ක්ෂේත්‍ර මත පදනම්ව සහ සමස්ථ පිඨයම  නියෝජනය වන පරිදි දක්ෂතම සිසු සිසුවියන්ට මෙම ත්‍යාග සහ සම්මාන පිරිනැමෙනුයේ පහත කාණ්ඩ අනුවය.

ශ්‍රී සෝරත ශාස්ත්‍ර පීඨ ස්වර්ණ මුද්‍රිකාව

ශාස්ත්‍රවේදී කවර හෝ විශේෂ උපාධි පරීක්ෂණයකින් සමත්ව පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) පන්ති සාමර්ථයයක් සහිතව වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ ස්වාමීන් වහන්සේට/ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.

ජී.බී. සේනානායක උපහාර ස්වර්ණ මුද්‍රිකාව

ශාස්ත්‍රවේදී සිංහල (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) පන්ති සාමර්ථයයක් සහිතව වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ ස්වාමීන් වහන්සේට/ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.

ආර්.එම්. ඩිංගිරි මැණිකේ උපාසිකා මාතා ස්වර්ණ මුද්‍රිකාව

ශාස්ත්‍රවේදී පුරාවිද්‍යාව (විශේෂ) උපාධි පරීක්ෂණයෙන්  සමත්ව පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) පන්ති සාමර්ථයයක් සහිතව වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ ස්වාමීන් වහන්සේට/ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ

මහාචාර්ය ඩී.එල්. අබේවර්ධන ස්වර්ණ මුද්‍රිකාව

ශාස්ත්‍රවේදී ඉතිහාසය (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) පන්ති සාමර්ථයයක් සහිතව වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.

මහාචාර්ය මැන්දිස් රෝහණදීර ස්වර්ණ මුද්‍රිකාව

ශාස්ත්‍රවේදී ඉතිහාසය හෝ පුරාවිද්‍යාව (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) පන්ති සාමර්ථයයක් සහිතව අභිලේඛන හා අක්ෂර රූප විද්‍යාව පාඨමාලා ඒකක සඳහා වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය සහිත A සාමර්ථයය ලැබූ ස්වාමීන් වහන්සේට/ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාවට පිරිනැමේ.

මහාචාර්ය නන්දසේන රත්නපාල අනුස්මරණ ත්‍යාගය

ශාස්ත්‍රවේදී සමාජ විද්‍යාව (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) පන්ති සාමර්ථයයක් සහිතව වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.

මහාචාර්ය නන්දසේන රත්නපාල අනුස්මරණ ත්‍යාගය

ශාස්ත්‍රවේදී අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) පන්ති සාමර්ථයයක් සහිතව වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ භික්ෂුන් වහන්සේට/ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.

මහාචාර්ය නන්දසේන රත්නපාල අනුස්මරණ ස්වර්ණ මුද්‍රිකාව

ශාස්ත්‍රවේදී අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ පන්ති සාමර්ථයයක් සහිතව වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ භික්ෂුන් වහන්සේට/ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.

මහාචාර්ය එම්.එම්. කරුණානායක ස්වර්ණ මුද්‍රිකාව

ශාස්ත්‍රවේදී භූගෝල විද්‍යා (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) පන්ති සාමර්ථයයක් සහිතව වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.

මහාචාර්ය ධම්මිකා වනසිංහ ස්වර්ණ මුද්‍රිකාව

ශාස්ත්‍රවේදී භූගෝල විද්‍යා (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) පන්ති සාමර්ථයයක් සහ ජනාවාස හා නාගරික භූගෝල විද්‍යා පාඨමාලා ඒකකයෙන් වැඩිම ලකුණු සහිත A සාමර්ථයය ලැබූ ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.

මහාචාර්ය පී. විල්සන් ස්වර්ණ මුද්‍රිකාව

ශාස්ත්‍රවේදී ආර්ථික විද්‍යාව (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) පන්ති සාමර්ථයයක් සහිතව වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.

මහාචාර්ය උපාලි වික්‍රමසිංහ ස්වර්ණ මුද්‍රිකාව

ශාස්ත්‍රවේදී ආර්ථික විද්‍යාව (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ පන්ති සාමර්ථයයක් සහිතව සංවර්ධන ආර්ථික විද්‍යාවට අදාළ පාඨමාලා ඒකක සඳහා වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ ශිෂ්‍යයාට හෝ  ශිෂ්‍යාවට පිරිනැමේ.

පූජ්‍ය කුඩාකත්නෝරුවේ සිද්ධාර්ථ නායක ස්වාමීන්ද්‍ර ස්වර්ණ මුද්‍රිකාව

ශාස්ත්‍රවේදී බෞද්ධ දර්ශනය (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) පන්ති සාමර්ථයයක් සහිතව වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ භික්ෂුන් වහන්සේට/ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍ර ස්වර්ණ මුද්‍රිකාව

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පාලි විශේෂවේදී උපාධි පරීක්ෂණයෙන් පළමු පෙළ හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමර්ථයයක් සහිතව ඉහළම ඒකක අගයක් ලබාගත් ස්වාමීන් වහන්සේට, ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාවට පිරිනැමෙන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍ර ස්වර්ණ මුද්‍රිකාව.

මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා ස්වර්ණ මුද්‍රිකාව

ශාස්ත්‍රවේදී මානව විද්‍යාව (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ පන්ති සාමර්ථයයක් සහිතව වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.

මහාචාර්ය මාලනී ඇඳගම ස්වර්ණ මුද්‍රිකාව

මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉතිහාසය (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) පන්ති සාමර්ථයයක් සහිතව සමත්ව යුරෝපා ඉතිහාසය විෂය ඒකක සඳහා වැඩිම ලකුණු  සාමාන්‍යයක් ලැබූ ස්වාමීන් වහන්සේට, ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාවට පිරිනැමෙන මහාචාර්ය මාලනී ඇඳගම ස්වර්ණ මුද්‍රිකාව

මහාචාර්ය එස්. තිලකරත්න අනුස්මරණ ස්වර්ණ මුද්‍රිකාව

ශාස්ත්‍රවේදී ආර්ථික විද්‍යා (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ පන්ති සාමර්ථයයක් සහිතව ආර්ථික විද්‍යාවට අදාළ පාඨමාලා ඒකක සඳහා වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.

බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි අනුස්මරණ ශිෂ්‍යත්වය

ශාස්ත්‍රවේදී පාලි (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) පන්ති සාමර්ථයයක් සහිතව වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ භික්ෂුන් වහන්සේට/ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.

මහාචාර්ය එස්. තිලකරත්න අනුස්මරණ ස්වර්ණ මුද්‍රිකාව

ශාස්ත්‍රවේදී ආර්ථික විද්‍යා (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ පන්ති සාමර්ථයයක් සහිතව ආර්ථික විද්‍යාවට අදාළ පාඨමාලා ඒකක සඳහා වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.

මාදන්වල ශ්‍රී ධර්මෝදය ස්වර්ණ මුද්‍රිකාව

ශාස්ත්‍රවේදී සංස්කෘත (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) පන්ති සාමර්ථයයක් සහිතව වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ භික්ෂුන් වහන්සේට/ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.

මහාචාර්ය ආරියපාල පෙරේරා - සීතා පෙරේරා ස්වර්ණ මුද්‍රිකාව

පාලි අධ්‍යයන ක්ෂේත්‍රයට අදාල එක් ඒකකයක්වත් ඇතුලත්ව ශාස්ත්‍රවේදී බෞද්ධ ශිෂ්ටාචාරය (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) පන්ති සාමර්ථයයක් සහිතව වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ භික්ෂුන් වහන්සේට/ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.

මහාචාර්ය ආරියපාල පෙරේරා - සීතා පෙරේරා ස්වර්ණ මුද්‍රිකාව

පාලි අධ්‍යයන ක්ෂේත්‍රයට අදාල එක් ඒකකයක්වත් ඇතුලත්ව ශාස්ත්‍රවේදී බෞද්ධ ශිෂ්ටාචාරය (විශේෂ) උපාධි පරීක්ෂණයෙන් සමත්ව පළමු පෙළ හෝ දෙවන පෙළ (ඉහළ) පන්ති සාමර්ථයයක් සහිතව වැඩිම ශ්‍රේණි ලකුණු සාමාන්‍යය ලැබූ භික්ෂුන් වහන්සේට/ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යාවට පිරිනැමේ.